Wednesday, October 31, 2012

පරිගණකය නඩත්තු කරමු.





මේ කියන්න යන්නේ දැනට ලෝකයේ වැඩි දෙනෙක් ධාවිතා කරන software එකක් ගැන. Advanced System Optimizer Version 3 මගින් ඔබේ පරිගණකය ඉතා පහසුවෙන් නඩත්තු කිරීම කල හැකි අතර වින්ඩෝස් වල ඇතිවන බොහෝ ගැටළු පහසුවෙන් විසඳාගැනීමට උපකාරීවන මෘදුකාංගයකි.
මෙම මෘදුකාංගයේ නවතම පහසුකම් රැසක් ඇතුලත් කර ඇත.


Smart PC Care

Smart PC Care

මෙය පරිගණකය ඉතා පහසුවෙන් නඩත්තු කල හැකි ක්‍රමයකි. මෙමගෙන් ඉතා පහසුවෙන් ක්‍රියාකාරකම් කිහිපයක් එකවර සිදුකල හැක.
Hard Disk ඒක පිරිසිදු කිරීම.
Drivers පරික්ෂා කිරීම.
Registry පරික්ෂා කිරීම.
Spywear පරික්ෂා කිරීම සහ ඉවත්කිරීම.
සහ තවත් අංග රැසක්.....

Driver Updater

Driver Updaer
මෙමගින් ඔබේ පරිගණකයේ drivers ඉතා පහසුවෙන් යාවත්කල් කරගත හැක.
එමන්ම අවශ්‍ය drivers ස්වයංක්‍රීයව download කිරීම, drivers වල වත්මන් තත්වය පිළිබඳව වසිස්තරව වාර්තා කිරීම ආදිය මේ මගින් සිදුකල හැක.

Game Optimizer

Game Optimizer
මෙමගින් ඔබේ පරිගණකයේ games පහසුවෙන් ක්‍රියා කිරීම සඳහා අවස්තාව සලසා දෙයි.

System Protector

System Protector
මෙමේගෙන් ඔබේ පරිගණකයට වෛරස් මගින් වන බලපෑම නවතාලයි. පහසුවෙන් spyware ඉවත්කරයි.

Disk Tools

Disk Tool
ඔබේ පරිගණකයේ system file වල ඇතිවන දෝෂ නිවැරදි කිරීම, bad sectors පරික්ෂා කිරීම, අදී විශේෂාංග රැසක් මෙම කොටසින් ලබාදේ.

PC Fixer

PC Fixer
පරිගණකයේ නිතර ඇතිවන දෝෂ රැසක් නැවත නිවැරදි කිරීමට මෙමෙ කොටස මගින් අවස්තාව සලසා ඇත.

Disk Optimizer

Disk Optimizer
hard disk ය පහසුවෙන් Defragments කිරීම සහ තෙඅත් අංග කිහිපයක් මෙහි අන්තර්ගතව ඇත.

Undelete

Undelete
Delete කරනලද files සහ folders පරික්ෂා කිරීම, ඒවා නැවත ප්‍රතිස්ථාපනය කිරීම මෙමෙ කොටස මගින් ඉතා පහසුවෙන් සිදුකල හැක.

මිට අමතරව....
  • Registry Cleaner 
  • Registry Optimizer
  • System Cleaner
  • Disk Explorer
  • Uninstall Manager
  • Memory Optimizer
  • Privacy Protector
  • Secure Delete
  • System ans Security Advisor
  • Duplicate File Remover
  • Startup Manager 

ආදී විශේෂාංග රැසකින් මෙමෙ මෘදුකාංගය සමන්විත වේ.

Password : koskomputer 

මෙමෙ මෘදුකාංගය install  කරගන්නා ආකාරය.
  • ·        Extract කරගන්න.
  • ·        aso3setup run කරන්න.
  • ·         patch file ඒක මෘදුකාංගය install කරගත් ස්ථානයට copy කරගන්න.
  • ·        advance.system.optimizer.3.x-patch ඒක run කරන්න.(right click කර Run as Administrator ලබා දෙන්න.)


Friday, October 5, 2012

සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගනිමු.


සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගනිමු.


අද වෙනකොට සිංහල ටයිප් කරන්න පුළුවන් software බොහොමයක් තියෙනෙවා. ඒ උනත් ආදුනිකයකුට උනත් බොහොම ලේසියෙන් සිංහල ටයිප් කරන්න පුළුවන් මෘදුකාංගයක් ගැන තමයි මම අද කියන්න යන්නේ. මේකේ නම "Google Input Tools for Windows". 

මේ මෘදුකාංගය ගැන කතා කලොත් දැනට භාෂා 22 ක් සඳහා භාවිතා කරන්න පුළුවන්. මෙමෙ මෘදුකාංගය ආරම්භකිරීමට පළමුවෙන්ම task bar එකේ language bar ඒක (අංක 1 න් දැක්වෙන) මගීන් සිංහල භාෂාව ( හෝ තමන්ට අදාළ භාෂාව) තෝරාගන්න.






එවිට මෙවැනි ආකාරයේ, පරිගණක තිරයේ දකුණුපස කෙලවරේ දැකගන්න පුළුවන්.


            



දැන් type කිරීම ආරම්භ කරන්න පුළුවන්. හිතන්න ඔබට දැන් ඔකේ නම type කරගන්න අවශ්‍යයි කියලා
උදා: කසුන්

ඔබ කලයුත්තේ අදාළ ස්ථානයට courser ඒක තබා keyboard එකේ
k a s u n යන අකුරු type කිරීම පමණයි. ඔබ ටයිප් කරන අතරතුර ඊට අදාළ ආදේශ වචන පහලින් ලිස්ට් එකක දැකගත හැක.



මෙම ලිස්ට් ඒක මගීන් ඔබට වචනය මුළුමනින්ම ටයිප් නොකර up, down arrow key  බාවිතාකර අවශ්‍ය වචනය තෝරාගත හැක.එසේත් නැතිනම් Tab key ඒක,ද මේ සඳහා භාවිතා කල හැක. අවශ්‍ය වචනය ටයිප් කල පසු (හෝ අදාළ වචනය තෝරාගත් පසු) Enter key හෝ වෙනත් Punctuation Character භාවිතා කර වචනය ඇතුලත් කල හැක.

ටයිප් කිරීමේදී ලැබෙන මෙනුවේ දිස්වෙන වචන වර්ණ දෙකකින් දැකගත හැක. මෙහිදී කළු පැහැයෙන් දිස්වන්නේ ඔබ දැනට ටයිප් කල අකුරු වලට අදාළ වච වන අතර නිල පැහැයෙන් දිස් වන්නේ ශබ්ධකෝෂයට අදාළ වචන වේ.

ඔබ සිංහල ටයිප් කරන අතරතුර ඉංග්‍රීසි ටයිප් කිරීමට අවශ්‍ය නම් ඔබ කලයුත්තේ Ctrl + G එබීම පමණයි. මෙමගින් සිංහල හා ඉංග්‍රීසි අතර ඉතා පහසුවෙන් මාරුවිය හැක. එසේ නැතිනම් F12 එබීම උවත් කල හැක.


මෙහි ඇති අනිත් විශේෂත්වය වන්නේ අමතර keyboard එකක් ලබාගත හැකි වීමයි. මේ සඳහා Ctrl + K එබීම කල යුතුය. මෙමගින් ඉතා පහසුවෙන් අකුරු ටයිප් කිරීම කල හැක.
උදා:




 ඔබට මෙමෙ මෘදුකාංගය download කරගැනීමට අවශ්‍යනම් පහත ලින්ක් ඒක click කරන්න.


මේ පිළිබඳව තවත් වැඩි තොරතුරු අවශ්‍යනම් පහත ලින්ක් ඒක  click කරන්න.