Friday, October 5, 2012

සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගනිමු.


සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගනිමු.


අද වෙනකොට සිංහල ටයිප් කරන්න පුළුවන් software බොහොමයක් තියෙනෙවා. ඒ උනත් ආදුනිකයකුට උනත් බොහොම ලේසියෙන් සිංහල ටයිප් කරන්න පුළුවන් මෘදුකාංගයක් ගැන තමයි මම අද කියන්න යන්නේ. මේකේ නම "Google Input Tools for Windows". 

මේ මෘදුකාංගය ගැන කතා කලොත් දැනට භාෂා 22 ක් සඳහා භාවිතා කරන්න පුළුවන්. මෙමෙ මෘදුකාංගය ආරම්භකිරීමට පළමුවෙන්ම task bar එකේ language bar ඒක (අංක 1 න් දැක්වෙන) මගීන් සිංහල භාෂාව ( හෝ තමන්ට අදාළ භාෂාව) තෝරාගන්න.






එවිට මෙවැනි ආකාරයේ, පරිගණක තිරයේ දකුණුපස කෙලවරේ දැකගන්න පුළුවන්.


            



දැන් type කිරීම ආරම්භ කරන්න පුළුවන්. හිතන්න ඔබට දැන් ඔකේ නම type කරගන්න අවශ්‍යයි කියලා
උදා: කසුන්

ඔබ කලයුත්තේ අදාළ ස්ථානයට courser ඒක තබා keyboard එකේ
k a s u n යන අකුරු type කිරීම පමණයි. ඔබ ටයිප් කරන අතරතුර ඊට අදාළ ආදේශ වචන පහලින් ලිස්ට් එකක දැකගත හැක.



මෙම ලිස්ට් ඒක මගීන් ඔබට වචනය මුළුමනින්ම ටයිප් නොකර up, down arrow key  බාවිතාකර අවශ්‍ය වචනය තෝරාගත හැක.එසේත් නැතිනම් Tab key ඒක,ද මේ සඳහා භාවිතා කල හැක. අවශ්‍ය වචනය ටයිප් කල පසු (හෝ අදාළ වචනය තෝරාගත් පසු) Enter key හෝ වෙනත් Punctuation Character භාවිතා කර වචනය ඇතුලත් කල හැක.

ටයිප් කිරීමේදී ලැබෙන මෙනුවේ දිස්වෙන වචන වර්ණ දෙකකින් දැකගත හැක. මෙහිදී කළු පැහැයෙන් දිස්වන්නේ ඔබ දැනට ටයිප් කල අකුරු වලට අදාළ වච වන අතර නිල පැහැයෙන් දිස් වන්නේ ශබ්ධකෝෂයට අදාළ වචන වේ.

ඔබ සිංහල ටයිප් කරන අතරතුර ඉංග්‍රීසි ටයිප් කිරීමට අවශ්‍ය නම් ඔබ කලයුත්තේ Ctrl + G එබීම පමණයි. මෙමගින් සිංහල හා ඉංග්‍රීසි අතර ඉතා පහසුවෙන් මාරුවිය හැක. එසේ නැතිනම් F12 එබීම උවත් කල හැක.


මෙහි ඇති අනිත් විශේෂත්වය වන්නේ අමතර keyboard එකක් ලබාගත හැකි වීමයි. මේ සඳහා Ctrl + K එබීම කල යුතුය. මෙමගින් ඉතා පහසුවෙන් අකුරු ටයිප් කිරීම කල හැක.
උදා:




 ඔබට මෙමෙ මෘදුකාංගය download කරගැනීමට අවශ්‍යනම් පහත ලින්ක් ඒක click කරන්න.


මේ පිළිබඳව තවත් වැඩි තොරතුරු අවශ්‍යනම් පහත ලින්ක් ඒක  click කරන්න.



No comments:

Post a Comment